Book Depository සිදුර

1 minute read

Book Depository කියන්නේ මුළු ලෝකෙටම “තැපැල් ගාස්තු අය නොකර” පොත් බෙදාහරින ජනප්‍රිය සේවයක්; හිසරදයක් නොදෙන වෙළඳ-අඩවියක්. හැබැයි මේ විදිහට ගාස්තුවක් අය නොකර ලෝකෙටම පොත් යවන්නෙ කොහොමද? ඒකට උත්තර ගොඩක් තියෙනවා. හැබැයි මේගොල්ලොන්ගෙ ප්‍රධාන ආදායම IP Address මත පදනම්ව, ගතික භාණ්ඩ මිලක් ඉදිරිපත් කිරීම.

අපි Book Depository වෙබ්අඩවියට පිවිසෙනකොට අපි ඉන්න රට මොකක්ද කියලා අපේ IP Address එකෙන් ඔවුන් අඳුරගන්නවා. ඊට පස්සෙ අපේ රටට අනුව මුළු අඩවියේම තියන පොත්, සඟරා, හැම මුද්‍රණයකම මිල ඔවුන් වෙනස්කරනවා.

ඔයා ශ්‍රී ලංකාවේ ඉඳන් බැලුවොත්, Watchmen International Edition (Paperback) එක $20.77ක් වෙනවා. හැබැයි UK / US / Singapore වල ඉඳන් බැලුවොත් ඒක $16.37ක් විතරයි. LKR 670 ක ලාබයක්. කොහොමද වැඩේ?

අපිට මේ යන අමතර වියදම ඉතුරු කරගන්න තියන ලේසිම ක්‍රමය තමයි VPN එකක් පාවිච්චි කරන එක. මම පාවිච්චි කරන්නෙ HOXX VPN කියන browser add-on එක. ඒ නිසා මගෙ ලැප්ටොප් එකේ අමතර apps ස්ථාපනය කරන්න ඕනෙත් නෑ, ආරක්ෂාව ගැන ප්‍රශ්නත් අඩුයි.

කොහොමවුණත් Book Depository වගේ පහසුදායී, ඉක්මන් සේවා ලබාදෙන වෙළඳ-අඩවි තියෙන්නෙ අතලොස්සයි. ඒ වගේ සේවා අපයෝජනය නොකරන එක පාරිභෝගිකයින්ගෙ යුතුකමක්. හැබැයි ඉතින් මේ වගේ දේවල් කරන්න පුළුවන් කියලා දැනගෙන ඉන්න එකත් අන්තර්ජාල පරිශීලකයෙකුගෙ යුතුකමක්.

ජය! ✌️

Comments