Torrenting ගැන

5 minute read

මෙම ලිපියට ප්‍රධාන කොටස් තුනයි.

  1. Torrenting තාක්ෂණය ක්‍රියාත්මක වන ආකාරය
  2. Torrent files සොයාගන්නා ආකාරය
  3. Torrent files භාවිත කරන ආකාරය

Torrenting තාක්ෂණය ක්‍රියාත්මක වන ආකාරය

සාමාන්‍යයෙන් අපි internet එකෙන් මොකක්හරි file එකක් download කරද්දී සිද්ධවෙන්නේ අදාළ file එක ගබඩා කරලා තියෙන storage space එක විසින් ඒ file එක පුංචි කෑලි ගොඩකට කඩලා ඒ කෑලි ටික හරි පිළිවෙලට අපේ device එකට එවන එක. මේ කෑලි සෙට් එක එකතු කරලා අපිට ඕන file එක සම්පූර්ණ කරලා දෙන්න internet browser එකට පුළුවන්. (Downloading කියලා 0% ඉඳලා 100% වෙනකන් bar එකක් පිරෙන්නෙ ඒ අතරතුර තමයි.) එතනදි source එක වෙන්නෙ ඒ storage space/server එක විතරයි. ඒ නිසා 10000ක් විතර උන් එකම file එක එකම වෙලාවෙදි download කරද්දී slow වෙන්නෙ ඒකයි.

Torrenting වලදිත් වෙන්නෙ ඒ වගේම අදාළ file එක කෑලි ගොඩකට කඩලා බෙදාහරින එක තමයි. හැබැයි සාමාන්‍ය විදිහෙදී වගේ තනි computer එකක නෙවෙයි ඒ කෑලි සේරම තියෙන්නෙ. ඒ පුංචි කෑලි ටික තව එක්කෙනක් හරි 100%ක් download කරගෙන ඉවරයි නම් එයාටත් පුළුවන් අදාළ file එකට source එකක් වෙන්න. එතකොට ඒ දෙන්නගෙම උදව්වෙන් download කරගන්න තුන්වෙනියෙක්ගෙ downloading speed එක වැඩියි. ඔහොම ඔහොම ගිහින් 10000ක් විතර මිනිස්සු sources වුණොත් අලුතෙන් ඒ file එක download කරන්න හදන කෙනෙක්ට ටක්ගාලා ගන්න පුළුවන්. අනිත් අයට තමන් ළඟ තියන කොටස් දෙන කෙනෙක්ට කියන්නෙ seeder කෙනෙක් කියලා. එහෙම අනිත් අයගෙන් කොටස් download කරගන්න කෙනෙක්ට කියන්නෙ peer කෙනෙක් කියලා. Seeding කියන්නෙ එහෙම upload කරනවට.

ෆිල්ම් එකක .mp4 file එක කොටස් මිලියනයකට විතර කැඩුවට පස්සෙ ඒක ගැන විස්තර සේරම (කොටස් කීයක් තියෙනවද, ඒවයෙ පිළිවෙල මොකද්ද, කාගෙ ළඟද තියෙන්නෙ etc. etc.) ඇතුළත් වෙන ගොනුව තමයි ඒ ෆිල්ම් එකට අදාළ .torrent file එක. ඒකෙ තියෙන විස්තර ටික කියවන්න internet browser එකට බෑ. ඒකට අපිට bittorrent client එකක් පාවිච්චි කරන්න වෙනවා. උදා: μTorrent, Vuze, FlashGet වගේ software එකකින් අපි ළඟ තියෙන .torrent file එක open කරලා අදාළ ෆිල්ම් එක ගන්න පුළුවන්.

Torrent files සොයාගන්නා ආකාරය

Torrenting තාක්ෂණය නීති විරෝධී නැහැ. හැබැයි හැමෝම වගේ torrenting පාවිච්චි කරන්නෙ නීති විරෝධී වැඩ වලට. Marvel Studios එකට සත පහක් වත් ගෙවන්නෑතුව Infinity War ෆිල්ම් එක ගෙදරට වෙලා බලනවා කියන්නෙ නීතිවිරෝධී වැඩක්. ඒ නිසා torrent files තියෙන ගොඩක් websites නීති විරෝධී ඒවා. ඒ නිසා ඒවා මේ තියනවා, මේ නෑ. කොයි වෙලේ නවත්තයිද කියන්න බෑ. හැබැයි අවුරුදු ගානක් තිස්සෙ වැටන්නැතුව ආපු torrent websites තියනවා. උදා: thepiratebay.org, 1377x.to, kickasstorrents.to, yts.me etc. ඒත් ඉතිං මේවත් කොයිවෙලේද කියන්න බෑ.

මුළු internet එකේම තියෙන websites ගූගල් සර්ච් එන්ජින් එකෙන් index කරලා දෙනවා වගේ, මේ සේරම torrenting websites වල index එකකුත් තියෙනවා. ඒක තමයි torrentz2.eu එක. ඒකට ගිහින් search කළාම අපිට internet එක පුරාම තියෙන, අපිට ඕන ගොනුවට අදාළ .torrent file වල ලැයිස්තුවක් හම්බෙනවා.

Torrent files භාවිත කරන ආකාරය

  • තමන්ට බාගන්න ඕන ගොනුවට එකට අදාළ .torrent file එක කොහෙන්හරි download කරගන්න. මේක කිලෝබයිට් ගාණයි වෙන්නෙ.
  • ඒක තමන් ළඟ තියෙන torrent client එකෙන් open කරන්න. Client එකක් නැත්තං මම උඩ නම කියපු මොකක්හරි client එකක් ගන්න.
  • Open කරලා විනාඩියක්, දෙකක් යනවා මුලින්ම seedersලව ඇහිඳගන්න. ඊට පස්සෙ file එක download වෙන්න පටන්ගනියි.
  • Download එක 100% වුණාට පස්සෙ ස්වයංක්‍රීයව file එක seeding වෙන්න පටන් ගන්නවා. ලංකාවෙ internet වල තියන හොඳ කම කියන්නෙ upload වෙද්දිත් අපේ අතින් නෙ යන්නෙ. ඒ නිසා පුරුද්දක් විදිහට seed වෙන්න පටන් ගත්තු ගමන් stop කරන එක තමයි ලාබම වැඩේ.

ජය! ♥️

Comments